අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එම දඬුවමට එරෙහිව වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇය ඇපමත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කළා.
විත්තිකාරියට පවතින නඩු නොමැති වීම සහ පෙර වැරදි නොමැතිවීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද මහෙස්ත්‍රාත්වරයා
සඳහන් කළා.
ඒ අනුව ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
එමෙන්ම ඇයගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.