29.2 C
Colombo
Friday, April 11, 2025

ශෂීන්ද්‍ර රාජපක්ෂ පුබ්බාර ඔයේ ගසාගෙන යයි

- Advertisement -

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ලෑන්ඩ්කෲසර් ( v8 ) වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බිබිල – මැදගම – ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට හසුවී ගසා ගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන ඇති අතර අනතුරින් ඇමැතිවරයාට හෝ රථයේ ගමන්ගත් කිසිවකුටත් තුවාල සිදුව නොමැතිබවයි වාර්තා වන්නේ.

පවතින අධික වර්ෂාවත් සමඟ පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් රථය ගමන් කරන අවස්ථාවේදී මෝටර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් තිබෙනවා.

පෙර දින පස්වරුවේ (21) බිබිල – මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ආපසු මොණරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙලෙස අනතුරට ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

හයිවේ ගාස්තු කාඩ්වලින් ගෙවන්න අවස්ථාව

මැයි 1 වනදා සිට මෙරට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන්...

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

POPULAR ARTICLES

චීනෙන් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු...