දෙහිවල සත්වෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂගේ සේවය සති දෙකක කාලයකට අත් හිටුවා පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම, එම පරීක්ෂණයෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය නැවත පිහිටුවීමට අදාල තීරණය ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
දෙහිවල සත්වෝද්‍යානයේ දින 3ක් පුරාවට වෘත්තීය සමිති සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇති බවත් ජනපති සමඟ සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව ඔවුන් තාවකාලිකව කළ වෘත්තීය ක්‍රියාමාර්ග අත් හිටුවීමට ක්‍රියා කළ බවත් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.