26.4 C
Colombo
Friday, March 14, 2025

විශ්වාසභංගය අවසන් වනතුරු කොළඹ රැඳී සිටිය යුතුයි..! – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නියෝගයක්

- Advertisement -

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අද සහ හෙට දෙදින තුළ රජයේ සියලුම සාමාජිකයන් කොළඹ රැඳී සිටිය යුතු යැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා උපරිම දායක්ත්වයක් ලබා දිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් වෙත අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා සහාය වීමට මීට ඉහත දී ම තීරණය කර තිබුණි.

කෙසේ නමුත් උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දි නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක විපක්ෂයට වාසිදායක වන ආකාරයේ තීන්දුවක් නොගන්නා බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.