ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා ඇතුළු එරට රජයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව 4 වන මට්ටමේ උපදේශක රැස්වීමකට සහභාගී වීම සදහා ඔහු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
නොවැම්බර් 27 වන දින දූත පිරිස මෙරටට පැමිණ ඇත.
ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 05 දෙනෙකු එසේ පැමිණි බවත් සාගර ආරක්ෂාව පිළිබඳ එම සමුළුව නොවැම්බර් මස 27 සහ 28 දින දිනවලදී පැවැත්වීමට නියමිතබවත් වාර්තා වේ.