27 C
Colombo
Wednesday, July 17, 2024

ලෙඩ වෙන රාජ්‍ය සේවය

- Advertisement -

රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතයි.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා පැවසුවේ, වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කරමින් ඊයේ (07) පස්වරු 4 සිට තැපැල් සේවකයින් ද වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා.

එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසුවේ, ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකෙරෙණු ලබනවා.

කෙසේ වෙතත්, අද දිනයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස ටැටු ආයතනයේ හිමිකරුගේ මව?

ක්ලබ් වසන්ත නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන දුලාන් සංජුල නම් ටැටූ ආයතනයේ හිමිකරුගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තැනැත්තියක බවට තහවුරු වී...

මහින්දගෙන් ඉඟියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු...

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන පෙත්සමක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණ සහ මහමැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසා දීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...