27.1 C
Colombo
Tuesday, April 1, 2025

සීගිරියේ ටිකට් නිසා සමාජ මාධ්‍ය කැළඹිලා

- Advertisement -

සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයකුගෙන් රුපියල් 10,000 කට ආසන්න මුදල ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු බවට සමාජ ජාලවල තොරතුරු පළවනවා.

ඒ අනුව විදේශීය වැඩිහිටි සංචාරකයකුගෙන් රුපියල් 9810 ක ගාස්තුවක් අය කරන බවට විදේශිකයෙකුම පලකළ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

නමුත් සීගිරිය නැරඹීම සඳහා දේශීය සංචාරකයෙකුගෙන් අයකරන්නේ රුපියල් 100 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක්.

එම මිල වෙනස දේශීය සංචාරකයෙකුගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව මෙන් 176 ගුණයක් වනවා.

එමෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම සඳහා විදේශිකයෙකුගෙන් රුපියල් 13,900 ක මුදලක් අය කරන බවත් දේශීය පුද්ගලයෙකුගෙන් රුපියල් 180 ක් අයකරන බවටත් තොරතුරු වාර්තා වනවා.

එම මිල වෙනස දේශීය සංචාරකයෙකුගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව මෙන් 81 ගුණයක් වනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මිශ්‍ර අදහස් පලවන අතර පාර්ශවයක් මීට විරෝධය පලකර අදහස් පලකරද්දී අනෙක් පාර්ශවය පවසන්නේ වෙනත් රටවලද මෙවන් ස්ථාන නැරඹීම සඳහා ඩොලර් 30, 35, 40 වශයෙන් ඉහළ මිලක් අයකරන බවයි.

සංචාරකයන්ගෙන් අයකරගන්නා එම මුදල්වලින් මෙවැනි පුරාවිද්‍යාත්මක හෝ පාරිසරික ස්ථාන රැකගන්නා බවත් ඒ හේතුවෙන් දේශීය සංචාරකයන්ගෙන් මුදල් අය නොකරන රටවල්ද ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES