ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා
එම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී තහවුරු කර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ද සාගල රත්නායක මහතා දැනුවත් කර තිබෙනවා.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයා සඳහන් වන්නේ.
පූනර්ජනනීය බලශක්තියට අදාලව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නල එළීම හා විදුලිය කේබල් එලීමට අදාලව ද, ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට අදාලව ද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදි සෘජුවම ඉන්දීය රජය මගින් එය මිලදී ගැනීමට අදාලවද, කිරි නිෂ්පාදනයට අදාලව ද දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙනවා
ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට පෙර හා ඉන්දිය සංචාරය අතරතුර මෙම ගිවිසුම් අත්සන් කරන බවයි සඳහන් වන්නේ.