මේ වන විට වෙළෙඳපොළේ දැඩි කිරිපිටි හිඟයක් පවතින අතරතුර දියරකිරිත් හිඟවීමේ අවධානමක් පවතින බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසනවා.
දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අදාළ බද්ද දියර කිරි සඳහා පමණක් ඉවත් කර ගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බව එම මණ්ඩලය සදහන් කරනවා.
විදේශීය කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහාද බදු පැනවීම මඟින් දේශීය කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පෙන්වා දෙනවා.