කොවිඩ් 19 ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමිදානය කිරීමට ආණ්ඩුව ඉඩ නොදීමට විරෝධය දක්වමින් දෙසැම්බර් 13 වන දින සවස කොළඹ බොරැල්ල කනත්ත ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වා ඇත.
අදාල විරෝධතාව සංවිධානය කර ඇත්තේ ‘සැබෑ දේශප්‍රේමියෝ ‘සංවිධානයයි.
එම විරේධතාවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, අලි සහිර් මව්ලානා ඇතුළු සමාජ ක්රියාකාරිකයන් රැසක් සහභාගී වී ඇත.
කොවිඩ් වෛරසය ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ෂෙයික් නම් බිළිදාව දෙමාපියන්ට පවා නොපෙන්වා ආදාහනය කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණු අතර එම දෙමාපියන්ගේ අවසරයක් නොමැතිව ආදාහනය කරන ලද ළදරුව සිහිකරමින් බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසමින් විරෝධතාකරුවන් සිය විරෝධය පළ කර ඇත.
අදාල විරෝධතාවේ දර්ශන
https://www.facebook.com/watch/?v=4089998654363529
(සේයා srilankabrief.org)