31 C
Colombo
Wednesday, January 8, 2025

සිළුමිණේ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

- Advertisement -

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙනවා.

සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන සිළුමිණ නියෝජ්‍ය කතෘ ලෙස පත්ව සිටි ඇය  ප්‍රවීණ මාධ්‍ය වේදිනියක,ලේඛිකාවක මෙන්ම රුපවාහිනී සම්ප්‍රවේශකාවක ලෙසද ප්‍රකට චරිතයක්.

මෙම ඉවත් කිරීම පිළිබඳව ආයතනයේ කතෘමණඩල අධ්‍යක්ෂවරයා,සිළුමිණ ප්‍රධාන කතෘවරයා පවා සිය විමතිය සහ අප්‍රසාදය පළකර ඇති නමුත් සභාපතිවරයා අදාළ තීන්දුව ගෙන තිබේන්නේ ‘ඉහළින් ආ නියෝගයක් ‘ බව පවසා බවයි වාර්තා වෙන්නේ.

ඒ, ‌ලේක්හවුස් ආයතනයේ  නව සභාපතිවරයා ලෙස පත්වුණු ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ආයතනය තුළ බරපතල අප්‍රසාදයක් සහ කැළඹීමක් හටගෙන ඇති පසුබිමකයි.

ඉකුත් ජනවාරි දෙවෙනිදා වැඩ ආරම්භ කරමින් ඔහු කළ කතාව මෙතෙක් ලේක්හවුස් ඉතිහාසයේ කිසිදු සභාපතිවරයෙක් නොකළ අන්දමේ අත්තනෝමතික තර්ජනාත්මක කතාවක් බව සේවකයින් මෙන්ම සියලුම වෘත්තිය සමිතිද අවධාරණය කරනවා.

“මාත් එක්ක ගේම් කෝල් කරන්න එපා. මං ඕනම දේකට ලෑස්තියි.මට ඕන අය දානවා.බැරි උන්ට යන්න පුලුවන්. ගේම නම් ගේම“වැනි ගෝත්‍රික මට්ටමේ කතාවකින් ඔහු සේවකයින්ට තර්ජනාත්මක නියෝග ලබාදී ඇති බවද වාර්තා වෙනවා.

මේ අතර,  සම්මුඛ පරීක්ෂණ හරහා නීත්‍යානුකූලව ලබාදී ඇති කතෘ මණ්ඩලයේ තනතුරුවල පවා වෙනස්කම් සිදුකරමින් ඔහු අන්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවත්, කතෘමණ්ඩල අධ්‍යක්ෂවරයා මෙන්ම,ප්‍රධාන කතෘවරුන් පවා නොසලකා හරිමින් ඔහු කටයුතු කරන බවත්  පැවසෙනවා.

තම හිතවතුන් යැයි කියාගත් පිරිසකට තනතුරු ලබාදීම සඳහා ඔහු පිඹුරුපත් සකසමින් සිටින බවත්,තමන්ට අවශ්‍ය අය පත් කරන නිසා ඕනම කෙනෙකුට ඉවත්ව යෑමට හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

මේවනවිට සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සමස්ථ කාර් මණ්ඩලය බරපතල කලකිරීමක සිටින අතර,වෘත්තීය සමිති සියල්ල ඒකමතිකව ඔහුට එරෙහි ස්ථාවරයකට පැමිණ සිටින බවද වාර්තා වෙනවා.

ගාමිණී වරුෂමාන මහතා කලක්  ලේක්හවුස් ආයතනයේ සේවයකොට ඇති අතර,එවක ඔහුට කරගැනීමට නොහැකිවූ කාරණා පිළිබඳව වාඩුව පිරිමසා ගැනීමට වර්තමාන සභාපති තනතුර භාවිතා කරමින් සිටින බව සේවකයින්ගේ මතයයි.

RECENT ARTICLES - SINHALA

එයා පෙන්නනකම් තමා අපිත් බලන් ඉන්නේ – නලින්ද

හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...

ආපහු සිලින්ඩරයෙන් තරඟ කරන්නේ නැහැ – රෝහිත

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිලින්ඩරය ලකුණෙන් තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට (වීඩියෝ)

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07)...

POPULAR ARTICLES

එයා පෙන්නනකම් තමා අපිත් බලන් ඉන්නේ – නලින්ද

හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මරුට

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය පවසද පරිදි, පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා...

ටිබේටයේ භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ හටගත් රික්ටර් මාපාංකයේ ඒකක හතයි දශම එකක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා....