28.3 C
Colombo
Friday, December 20, 2024

අනතුරේ ඡායාරූපවල ඉන්නේ පොලිස් අධිකාරිගේ දුව නෙවෙයි මම

- Advertisement -


කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් ප්‍රදර්ශනාගාරයට අලාභහානි සිදුකරමින් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සිදුකල රිය අනතුර සම්බන්ධයෙන් ඇය හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. කෙසේ වෙතත් අනතුර සිදුවූ අවස්ථාවේ ලබාගත් ඡායාරූපවල සිටිනා තරුණියක් අනතුර සිදුකල තරුණිය බවට ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවල පුද්ගලයන් නොයෙක් චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟ එහි සිටින්නේ අනතුර සිදුකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය නොව තමන් බවට සින්ඩි වික්‍රමනායක නම් තරුණියක් පවසනවා. මෙම සිදුවීම සම්බන්දයෙන් ඇය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

“Regarding the incident that occurred last afternoon at Nanda Motors, I would like to state that I was not involved in the accident and I was not the driver of the vehicle. I was in a separate vehicle in front of the Land Cruiser and we slowed down our car and then witnessed the vehicle crash into the dealership. The Land Cruiser was driven by another individual, and not me. Only after the accident occurred did I leave my vehicle and rush to check up on my friends who were involved with the accident. The photograph that’s being circulated across social media, was captured at this point. I would like to reiterate I was not involved in the aforementioned accident and I was not the driver of the vehicle. I am not the daughter of SSP Ratnayake. My friend who is the daughter was the driver of the vehicle. Hence, I would sincerely appreciate if my name and photograph can be refrained from being circulated identifying me as the perpetrator of the accident. Thank You.”

“ඊයේ දවල් නන්දා මෝටර්ස් දී සිදු වූ සිදුවීම සම්බන්ධවයි
මම ඒ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති බවත් එම අනතුරට ලක් වූ වාහනයේ රියදුරා මම නොවන බවත් දැනුම් දීමට කැමත්තෙමි.
එම ලෑන්ඩ් කෘෘසර් වාහනය ඉදිරියේ වූ වෙනත් වාහනයක මම සිටි අතර ඒ අනතුර දැක අප සිටි වාහනයේ වේගය අඩු කලා. ඒ ලෑන්ඩ් කෲසර් වාහනය පැදවූයේ වෙනත් කෙනෙක්. ඒ මම නොවේ. අනතුර වුනාට පසු මම වේගෙන් ඒ දෙසට ගියා එම අනතුරට මුහුණ දුන්නු මගේ යාලුවන්ව බලන්න.
සමාජ මාධ්‍ය වල පැතිරෙන්නෙ ඒ වෙලාවෙ ගනිපු පින්තූරයක්. මං කැමතියි දැනුම් දෙන්න මම නෙමෙයි ඒ වාහනේ රියදුරා කියල. මම SSP රත්නායකගෙ දුව නොවෙයි. ඒ වාහනය පදවපු ඔහුගේ දියණිය මගෙ යාලුවෙක්.
ඒ නිසා මම කැමති ඒ පින්තූරෙ වගෙම මගෙ නම සිද්දියට අදාළ කරල මේ පැතිරෙන පින්තූරෙ ඉවත් කරන්න පුලුවන්නම්.”

RECENT ARTICLES - SINHALA

ඉන්දීය තෙල් නළ ලංකාවේ එළන්නේ නැහැ – විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා...

Galle Marvels හිමිකරුට ඇප

මහනුවර, පල්ලෙකැලේ පැවති ලංකා ටි 10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි...

අපි එට්කා ගිවිසුමට අත්සන් කළේ නැහැ – ඇමති විජිත

එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟවූ බව විදේශ කටයුතු අමාත්‍ය...

POPULAR ARTICLES

Galle Marvels හිමිකරුට ඇප

මහනුවර, පල්ලෙකැලේ පැවති ලංකා ටි 10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි...

ඉන්දීය තෙල් නළ ලංකාවේ එළන්නේ නැහැ – විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා...

නයිජීරියාවේ නත්තල් උත්සවයක ගැටුමක් – ළමුන් 35ක් මරුට

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ පැවති නත්තල් විනෝද උත්සවයක ඇති වූ ගැටුමකින් කුඩා ළමුන් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාළ උත්සවයේ සංවිධායකයින් මුදල් සහ ආහාර ලබා දෙන...