මෙරටට ලැබෙන ඉහළම ආයෝජනය සිදු කිරීමට චීනයේ සිනොපෙක් සමාගම සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිරිකිරීමට අදාළවයි.
වාර්තා වන අන්දමට එම ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 1.5ක්.
මෙම ආයෝජනයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම සති දෙකක් තුළ සිදුවන බවට වාර්තා වනවා.
හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදි කිරීම සඳහා සිනොපෙක් සමාගමට අමතරව, විටෝල් නම් සිංගප්පූරු සමාගමද ඉදිරිපත්ව සිටිනවා.
එහෙත් පසුව විටෝල් සමාගම ඉන් ඉවත් වීම හේතුවෙන් සිනොපෙක් සමාගමට අදාළ ව්‍යාපෘතිය හිමි වූ බවයි පැවසෙන්නේ.