ෆයිසර් එන්නතට සාපේක්ෂව සයිනොෆාම් එන්නත වැඩිහිටියන් කෙරෙහි අඩු එලදායිතාවයක් දක්වන බව බහරේන පර්‍යේෂකයන් පිරිසකගේ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.
ඒ සිය ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින්.
කෙසේ නමුත්, එන්නත ලබා නොගත් වැඩිහිටියන් (වයස අවුරුදු 50ට වැඩි) කොවිඩ් නිසා මරණයට පත්වීම සයිනොෆාම් එන්නත ලබාගත් වැඩිහිටියන්ට සාපේක්ෂව 3.8 ගුණයකින් ඉහළ බවයි ඇය පෙන්වා දෙන්නේ.
තවද වයස අවුරුදු 50ට අඩු එන්නත ලබා නොගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය, සයිනොෆාම් එන්නත ලබාගත්
අයට සාපේක්ෂව 8.1 ගුණයකින් ඉහළ බවත් මහචාර්‍යවරිය පෙන්වා දෙනවා.
එමෙන්ම, සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය 0.46%ක් (මරණ 112ක්) බවත්, ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා ලබා ගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය 0.15%ක් බවත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ලබා ගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය 0.03%ක් බවත් මහාචාර්යවරිය පවසනවා.
කෙසේ වෙතත්, එන්නත්කරණය සම්බන්ධයෙන් සමස්ථයක් ලෙස අදහස් දක්වමින් ඇය පවසන්නේ සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව නිරීක්ෂණය වන බැවින් ලැබෙන පළමු එන්නත හොඳම එන්නත බව වටහාගෙන එය ලබා ගන්නා ලෙසයි. බහරේන පර්‍යේෂකයන්ගේ නිගමනය වන්නේද එය බව ඇය පවසනවා.