27 C
Colombo
Thursday, October 3, 2024

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

- Advertisement -

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා.

ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි වර්ග, දානයට අවශ්‍ය ව්‍යංජන වර්ග ගෙන ඒමට නියම කර ඇති අතර එම ලැයිස්තුව දීර්ඝ එකක් වනවා.

කිරි පිඩු
බත් ( සුදු / රතු )
පරිප්පු
බීට් රූට්
කොළ මැල්ලුමක්
සලාදයක්

සැන්විච්
රොටි
කඩල
මුං ඇට

යෝගට් 1
පුඩින් 1

අඹ
පේර
කෙසෙල්
කොමඩු
ගස් ලබු
ඇපල් 1
දොඩම් 1
මිදි 100g

රට ඉදි
චොකලට්
ජුජුබ්ස්
කිරි ටොෆි 5
කොකිස් 5
කැවුම් 5
රුලං 3
කේක් 2

අෂ්ඨපාන වර්ග
නිල් කටරොඩු
වද මල්
අඹ
දිවුල්
දොඩම්
ගස් ලබු
කොමඩු
තැඹිලි
( ඉහත දෑ 250 ml බැගින් )

කොළ කැද
Fresh milk

කොත්තමල්ලි
බෙලි මල්
දැහැත් වට්ටියක් ( බුලත්, පුවක් )

වියලි ඖෂධ වර්ග :-

හත්වාරිය
කොහොඹ
ඉරමුසු
කෝමාරිකා

පස් පංගුව පැකට් 1
සුදු නෙලුම් මල් 10 / රතු නෙලුම් මල් 10

පොල් තෙල්, හදුන්කුරු, පහන්තිර

ඒ අනුව මෙම සියලුම දෑ සමගින් පවත්වන මෙම දැවැන්ත බුද්ධ පූජාව සෑම දිනෙකම පවත්වන අතර එය විදුහලේ සියලුම ශ්‍රේණිවල සියලුම පන්තිවලට බෙදී යන පරිදි දින වෙන් කර තිබෙනවා.

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා පාසලක් වන සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ පවත්වන මෙම බුද්ධ පූජාවට පාසලේ බොහෝ දෙමාපියන් අප්‍රසිද්ධියේ සිය විරෝධය පලකරනවා.

ඔවුන් සදහන් කරන්නේ දැඩි ආර්ථික අපහසුතා පවතින මෙවන් සමයක මේතරම් වියදම් කර බුද්ධ පූජාවක් දෛනිකව පැවැත්වීම අනවශ්‍ය මෙන්ම නාස්තිකාර වියදමක් බවයි.


RECENT ARTICLES - SINHALA

ගෑස් සිලින්ඩරය යළි පිටියට

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබෙනවා. අදාළ...

විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරන්න – ජෝසප් ස්ටාලින්

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ අර්බුදයට නිසි විසඳුමක් ලබාදීමට නම් විභාග දෙපාර්තමේන්තුව පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්...

හෙට බාර් වහලා

දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන හෙට (03) දිනයේ වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන දින කිහිප...

සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

0
ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව ළමා දිනය නිමිත්තෙන්...