23 C
Colombo
Saturday, January 25, 2025

ගංවතුරට හේතුව කියන සිරිසේන

- Advertisement -

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් ව ඇත්තේ මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තමන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමන්ගෙන් පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරිම බවයි.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලින් එකතුවන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ මිනිපේ ජලාශයට පමණක් ගලා යන බැවින් 2019 වසරේදී තමන් විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්ද ජලාශයෙන් ජලය කි.මි 15-20 පමණ ඇලමාර්ගයක් ඉදි කරමින් පැවති බවත් 2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරීම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙනවා.

ඔහු නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ 2019 වසරේ සිට 2024 වසර දක්වා ම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බවයි.

මේ හේතුවෙන් වර්තමාන රජය මේ සම්බන්ධව අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පළාතට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහ මුහුදට ගලාබදින බවත් වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ දියුණුව කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිරිකිරීමට කටයුතු කරන ලෙසත් වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES