30 C
Colombo
Sunday, November 17, 2024

සියඹලාපිටියටම නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට?

- Advertisement -

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා වී තිබෙනවා.

එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහය ලැබෙන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ.

ඉන් අනතුරුව ව්පක්ෂය විසින් ඉම්තියාස් බාකිර් මාකර්ගේ නම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කර සිටියා.

වෙනත් නම් යෝජනා නොවූ හෙයින්, ඒ සම්බන්ධව ඡන්ද විමසීමක් පැවැත්වීමට කථානායක වරයා තීරණය කර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවූ දේශපාලන ගැටුම මත ඒ මහතා පසුගිය අප්‍රේල් 30 වනදා සිට නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ නිවේදනය කළේ සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාරගෙන ඇති බවකි.

කෙසේවෙතත් අද (05) දිනයේදී නියෝජ්‍ය කථානායක ධුරය සඳහා විසින් ඔහුගේ නම නැවතත් යෝජනා විය.


RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

බොරැල්ල කනත්ත අසල කිතුල්වත්ත මාර්ගයේ දී අද (17) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නාරාහෙන්පිට සිට කිතුල්වත්ත පාර දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරුපැදියක ගැටී...

කුඩා දරුවෙක් ළිඳට වැටී මරුට

කල්ලිකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටී කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 09 ක් වයසැති...

පානදුරේදී පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව...

POPULAR ARTICLES