මහ මැතිවරණයක් පවත්වන තුරු තාවකාලික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදුසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
විපක්ෂ නායකවරයා විකල්ප ආණ්ඩුව ලෙස සලකන බැවින් ඔහුට ඒ අවස්ථාව හිමිවිය යුතු බවයි එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ.
ඒ, අද (15) දින පක්ෂ නායක රැස්වීමට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති හෙයින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට අදාල කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයා පියවර ගෙන තිබිණි.