24 C
Colombo
Sunday, January 19, 2025

වාරියපොළදීත් පොහොට්ටුවට පරාජයක්

- Advertisement -

වාරියපොළ ප්‍රාදේශීය සභාව 2022 වසර සදහා ඊයේ (12) දින ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වූ බව වාර්තා වනවා.

සභාපති ඩී.එම්.ටී. බී. දිසානායක මහතා විසින් මහ සභාවට අයවැය ඉදිරිපත් කළ අයවැයට එරෙහිව ආණ්ඩු පක්ෂයේ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අනුර සුදර්ශණ මහතා ඇතුලු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය අදහස් ප්‍රකාශ කරන ලදි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය යෝජනාව සදහා ඡන්දයක් ඉල්ලා සිටි අතර සභාපති වරයාගේ පිළිතුරු කතාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දයක් විමසූ අතර එහිදී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 18 කුත් යෝජනාවට විරුද්ධව ඡන්ද 21 කුත් ලැබී තිබිණ.

වාරියපොල ප්‍රාදේශීය සභාවේ සංයුතිය වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 23, එක්සත් ජාතික පක්ෂය 12, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 03, ජනතා විමුක්ති පෙරමුණ 02 ශ්‍රී ලංකා මහජන පක්ෂය 01 වශයෙනි.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

0
BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. බී.බී.සී. ආයතනය මෙම නවතම...

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ඉරානයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු...