විධායක ජනාධිපති ධුරය සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය දීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධූරයට නාමයෝජනා ලබාදෙන්නේ යැයි ප්රකාශ කර තිබෙන තත්ත්වයකදී වීම විශේෂත්වයක්.
ඒ අනුව ඩලස් අලහප්පෙරුම මහතාට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු සහයක් හිමි නොවන අතර මෙම තීරණයයත් සමඟ ඔහු නාමයෝජනා භාරදීම අවිනිශ්චිත වී තිබෙනවා.