32 C
Colombo
Thursday, May 1, 2025

SLT Peo TV බිදවැටෙයි. තවත් අවුල් ජාලයක්

- Advertisement -

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සේවා සපයන SLT Peo TV සේවාව දිවයිනේ ප්‍රදේශ රැසක බිදවැටී තිබෙනවා.
ඒ අනුව බොහෝ පාරිභෝගිකයන් හට එම සේවාව ලබාගත නොහැකි අතර ඇතැම් පාරිභෝගියන් හට පෙර විකාශය වූ වැඩසටහන් යළි නැරඔීමේ (TV Rewind) පහසුකම අක්‍රීයව ගොස් තිබෙනවා.
එමෙන්ම දුරකතන සහ අන්තර්ජාල දෝෂ වාර්තා කිරීම සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබාදී ඇති 1212 අංකයද මේ වන විට ක්‍රියාවිරහිතව පවතිනවා.
තවද ශ්‍රී ලංකා ටෙලිකොම් නිල ෆේස්බුක් පිටුවේ හා Peo TV ෆේස්බුක් පිටුවේ මැසෙන්ජර් පහසුකමද මේ වන විට අක්‍රීය කර තිබෙනවා.
මේ සියලු කරුණු හේතුවෙන් ටෙලිකොම් පාරිභෝගිකයන් දැඩිලෙස අපහසුතාවයට පත්ව සිටින බවට විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති අතර සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය දැඩිලෙස විවේචනයට ලක්කර ඇති අයුරුද දක්නට ලැබෙනවා.
විදෙස් රටවල අන්තර්ජාල සේවා බිදවැටුණු විට ඒ සම්බන්දයෙන් නිල නිවේදනයක් නිකුත් කර පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලීමට කටයුතු කරන අතර අදාල කාලය තුළ සිය පාරිභෝගියන් හට සිදුවූ අපහසුතාවයට අදාලව මුදලක් සිය මාසික බිල්පතෙන් අඩුකිරීමක් සිදුකිරීමට කටයුතු කරනවා.
නමුත් මෙරට අන්තර්ජාල සේවා සපයන ආයතන පිළිබදව බොහෝ පාරිභෝගියන්ගේ ඇත්තේ විවේචන පමණි.

මේ වන විට Peo TV නිල ෆේස්බුක් පිටුවේ අදාල සිදුවීම සම්බන්දයෙන් නිවේදනයක් පලකර තිබුනද පාරිභෝගියන් එම නිවේදනය දැඩි ලෙස විවේචනය කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
අදාල නිවේදනයේ සිය ක්ෂණික දුරකතන ඇමතුම් අංකය වන 1212 අංකය අක්‍රීයව පවතින්නේ මන්දැයි හේතු දක්වා නොමැතිවීමද විශේෂත්වයක්.

එමෙන්ම තවදුරටත් PEO TV ෆේස්බුක් පිටුවේද මැසෙන්ජර් පහසුකම අත්හිටුවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)”...

නායකයින් අතරේ කැපී පෙනෙන නායකයා නාමල් – සංජීව

දේශපාලන පක්ෂයක් ලෙස ආණ්ඩුවේ වැරදි දේශපාලන ගමනට විරුද්ධව සටන්කාමී ලෙස ‍ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. මාධ්‍ය...

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...

POPULAR ARTICLES