31 C
Colombo
Tuesday, March 18, 2025

වල්ලපට්ටාවලින් මුදල් වංචා කළ ස්මාට් වින් අධ්‍යක්ෂ රිමාන්ඩ්

- Advertisement -

ස්මාට් වින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන මංජුල වීරසිංහ නමැත්තා මෙම මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (මාර්තු 17) නියෝග කළා.

ඒ වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනය හරහා පුද්ගලයන් 15,000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 200ට අධික මුදලක් ලබාගෙන වංචාවක් කළ බව පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙනුයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සෙසු සැකකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසටද අධිකරණය නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ, වල්ලපට්ටා වගාව පවත්වාගෙන යන මුවාවෙන් මොවුන් මෙම පිරමීඩාකාර මූල්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 15,000ට අධික පිරිසක් මෙම මූල්‍ය වංචාවට හසුව ඇති බවයි.

මහ බැංකුවේ නීත්‍යනුකූල අයිතියක් නොමැතිව සිදුකර ඇති මෙම පිරමීඩාකාර ගනුදෙනුව හරහා මෙම අධ්‍යක්ෂවරුන් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 200ට අධික මුදලක් වංචා කර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබෙනවා.

කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, ආණමඩුව හලාවත, මොනරාගල, අම්පාර, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙන් ම විදෙස්ගතව රැකියාවල නිරතව සිටින පුද්ගලයන් පිරිසක් ද මෙම වංචාවට හසුව ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබුණා.

එක් වල්ලපට්ටා පැළයක් වෙනුවෙන් රුපියල් 30,000ක මුදලක් මොවුන් එක් තැන්පත්කරුවෙකුගෙන් ලබාගෙන ඇති බවත් ඒ අනුව ඇතැම් තැන්පත්කරුවන් රුපියල් තිස්දහසේ සිට ලක්ෂ 5, 10, 15, 30, 40, 50 වශයෙන් එම නීති විරෝධී ආයතනයට මුදල් ආයෝජනය කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිව තිබෙනවා.

එම නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධියට සම්බන්ධ තවදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවත් මෙම වංචාවට අදාළව තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ත් ය.

වීරතුංග ආරච්චිගේ ප්‍රීති කොස්තා නමැත්තෙකු ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගෝඨාභය දුන්න නියෝගයක් නීතියට පටහැනි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

ආයෝජන කලාපවලට ජපන් ගිනි නිවන රථ

රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු...

ඉම්තියාස් සජබ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉම්තීයාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ වන විට ඔහු සිය ඉල්ල අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු...

POPULAR ARTICLES

ගෝඨාභය දුන්න නියෝගයක් නීතියට පටහැනි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා....

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුවක්

ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව සඳහා වන කාර්යය නිර්ණේය අනුදේශ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ආසියානු කලාපය තුළ තරඟකාරී වෙළෙඳ පොළක් බිහි...