රජයේ ගොඩනැගිලි සඳහා විදුලිය ලබා ගැනීමට සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිම කර ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වන දා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලැබීමට නියමිත අතර සූර්ය පැනල සවි කිරීමට මේ වන විට හදුනාගෙන ඇති ගොඩනැගිලි යටතට ජාතික පාසල්, විශ්වවිද්‍යාල, ගුරු විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, පොලිස් ස්ථාන මෙන්ම සියලු ආගම් නියෝජනය කරන ආගමික සිද්ධස්ථාන යනාදිය තෝරාගෙන තිබෙනවා.