DIY Off Grid Sri Lanka group සමූහයේ පිරිසක් විසින් ගාලු මුවදොර අරගල භූමියේ කුඩා සූර්‍ය බක විදුලි බලාගාරයක් ඉදි කර තිබෙනවා.
මෙමගින් එම පරිශ්‍රයේ ඇති පුස්තකාලයට, පුරවැසි සභාවට , ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට , නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන චාජ් කිරීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා.
දැනට තිබෙන ධාරිතාවය අනුව දවල් කාලයේ සම්පූර්ණයෙන් සහ රාත්‍රී කාලයෙ පැය පහක පමණ කාලයක් විදුලිය ලබාදීම සිදු කල හැකියි.
ජෙනරේටර අවශ්‍ය වන්නෙ රාත්‍රී කාලයේ පැය කිහිපයකට පමණක් වන අතර ඉදිරියේදී මෙහි ධාරිතාවය වැඩි කිරීමටද බලාපොරොත්තු වන බවයි ඔවුන් පවසන්නේ. එවිට නොකඩවා විදුලිය ලබාදීම සිදු කල හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරනවා.