25.7 C
Colombo
Friday, March 14, 2025

වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

- Advertisement -

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණා.

ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එමෙන්ම, වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලුදෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගෙන තිබුණා.

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින 07 ම පැය 24ම රාජකාරි කිරීමට එකඟතාවය පලකර තිබෙන බවයි පැවසෙන්නේ.

පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කරන තිබුණා.

ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය වි තිබෙනවා.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ වී තිබෙන බවයි පැවසෙන්නේ.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වුණා.

එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාළ නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අදාළ මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියා.

තවද මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවද විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

ආහාර ආශ්‍රිත නිෂ්පාදන වලට අදාළව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබාගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බවද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ වී තිබෙනවා.

වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සඳහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් දක්වා අඩුකිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බවත් වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

දැනට මාර්ගයේ නවතා ඇති බහාලුම් රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස සාකච්ඡාවය පැමිණි වරාය සේවා සපයන සංගම් විසින් ඉල්ලීමක් කරන ලදී.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වනවා. පානදුරේ සිට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනී

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබෙනවා. ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී යි. තලගහවත්ත ප්‍රදේශයේ...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වනවා. පානදුරේ සිට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනී

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබෙනවා. ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී යි. තලගහවත්ත ප්‍රදේශයේ...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...