ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිසම ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන්නේ අදාළ පක්ෂවල ලේකම්වරුන් සමග පමණක් බවයි.
ඒ අනුව, මැතිවරණ කොමිසම නිල වශයෙන් පිළිගන්නේ ඔවුන් විසින් යොමු කරන ලිපි පමණක් බවද සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදී අවධාරණය කළා.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ ඇතැම් දේශපාලන පක්ෂ අභ්‍යන්තරයෙහි පවත්නා ගැටළු මැතිවරණ කොමිසමට අදාළ නොවන බවයි.