26.4 C
Colombo
Friday, March 14, 2025

සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරන්නේ අඳුර – අමාත්‍ය බිමල්

- Advertisement -

ඇතැම් ප්‍රධාන  රූපවාහිනී ආයතන clean sri lanka වැඩසටහනට විරුද්ධව තම වාර්ථාකරණයේ නිරත වන බව ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා පවසනවා.

අද (06) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, එම පළ කරන වාර්තා සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටලු ඇති කරන බවට පෙනී යන බවයි.

එමෙන්ම රජයට පූර්ණ ජනතා වරමක් ලැබී ඇති බවත් ඊට ගරු කරන බවත් අමාත්‍යවරයා එහිදී පවසුවා.  

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා :

සමහර ජනමාධ්‍යවල කට්ටිය රට ක්ලීන් වෙනවට කැමති නැහැ. සමහර නාලිකාවල නම ඉර වුණාට පතුරන්නේ අදුර.අපිටඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපි ජනවරම ක්ලීන් කරන්න කියලා තියෙනවා, අපි ඒක කරනවා. ඉතින් මීඩියත් ක්ලීන් වෙනවනම් හොඳයි.   

අපිට මේක සම්බන්ධයෙන් මුකුත් කරන්න බැහැ,කෙසේවෙතත් ජනතාව අපිට බලය දුන්නේ පිරිසිදු රටක් ගොඩනගන්න,අපි ඒක කරනව.මාධ්‍යත් පිරිසිදු වනවානම් හොඳයි. මාධ්‍ය මොනවා කිවුවත් අපි වැඩ නවත්තන්නේ නැහැ.”

RECENT ARTICLES - SINHALA

බටලන්ද අද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පසුගිය 11 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ...

පාසල් සංවර්ධන සමිති ගාස්තු සම්බන්ධයයෙන් ගුරු සංගම්වලින් චෝදනා

පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම්...

මවක් ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස...

POPULAR ARTICLES