30 C
Colombo
Saturday, September 14, 2024

සමහර ජනාධිපති අපේක්ෂකයින්ට ෆේස්බුක් ගිණුමක්වත් නැහැ – මංජුල ගජනායක

- Advertisement -

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් 39 දෙනා අතරින් මේ වන විට අඩුමතරමින් කුඩා රැස්වීමක් හෝ පවත්වා ඇත්තේ අපේක්ෂකයින් 15 දෙනෙක් පමණක් බව  ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

පෞදග්ලික රූපවාහිනි නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම, ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබුණා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අතුරින්  එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වෙනුවෙන් මේ වන තෙක් කිසිඳු ආදේශක පුද්ගලයෙක්ද නම් කිරීමක් සිදු කර නොමැති බවද මංජුල ගජනායක මහතා පවසනවා.

එමෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති ඉතිරි පුද්ගලයින් 23 දෙනාගෙන් තිදෙනෙක් සම්බන්ධ කර ගැනීමට හෝ ඔවුන් ලබාදී ඇති දුරකථන අංක හෝ නොමැති බවත් ඉන් පුද්ගලයින් 5 දෙනෙකුට අඩුම තරමේ සමාජ මාධ්‍ය ගිණුමක් හෝ නොමැති බවද මංජුල ගජනායක මහතා මෙහිදී  පෙන්වා දුන්නා.

එසේම ඉන් පුද්ගලයින් තිදෙනෙක් තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට හෝ මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවද මංජුල ගජනායක වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක් 

බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය...

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස්...

මාලිමාවේ රැස්වීමකට ගිය පිරිසකට පහර දීලා

මොනරාගල ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී නැවත පැමිණෙමින් තිබූ බස් රථයකට යම් කිසි පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම පක්ෂයේ ජනාධිපති ධුර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...