24 C
Colombo
Sunday, November 17, 2024

අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් 

- Advertisement -

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සහ හෙට දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය සදහා යොදවා ඇති බවයි. 

ඒ අනුව, විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර තිබෙනවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වනවා.

එමෙන්ම කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් මෙලෙස විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

පිපිරීමකින් තරුණයෙක් මරුට

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය...

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම...

අමෙරිකාවේ යුධ නැවක් කොළඹට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (16) කොළඹ වරායට පැමිණෙන...

POPULAR ARTICLES