පසුගිය පෙබරවාරි මස 24 වනදා පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කුමාරි කවිරත්න මහත්මිය හට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් රෝහිනී කවිරත්න මහත්මිය සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් යොමුකළ වරප්‍රසාද ප්‍රශ්නය අද දවසේ ප්‍රශ්නවලින් ඉවත් කර ඇති බවයි.
හෙට දිනයේ කාන්තා දිනය සමරන අවස්ථාවක ආණ්ඩුවේ සභානායකවරයා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ මේ ආකාරයෙන් දැයි තමන් කතානායකවරයාගෙන් දැනගැනීමට කැමති බවද කවිරත්න මහත්මිය මෙහිදී සඳහන් කළා.
ඊට අදාළ දර්ශන පහතින්,