මෙරට ප්‍රධාන පෙලේ සංවිධානත්මක අපරාධකරුවෙකු වී සිටි “සොත්ති උපාලිගේ” පළමු බිරිඳගේ පුත්‍රයා වන සජිත් රන්දික නමැත්තා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු ඊයේ (04) බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
එහිදී ඔහු සන්තකයේ තිබී කඩු හා කිනිසි 4ක්ද පොලීසිය භාරයට ගෙන ඇති තිබෙනවා.
මෙම සැකකරු කැපුම් සිද්ධීන් කිහිපයකටද සම්බන්ධ පුද්ගලයෙකු බව තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සදහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස 28 හැවිරිදි පද්ගලයෙකු වන අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.