27.7 C
Colombo
Tuesday, April 1, 2025

දකුණු කොරියානු නළු පාර්ක් මින්-ජේ ජීවිතක්ෂයට

- Advertisement -

දකුණු කොරියානු නළු පාර්ක් මින්-ජේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 32ක්.

ඔහු නොවැම්බර් 29 වැනිදා චීනය බලා පියාසර කරමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

‘Little Women’, ‘Call It Love’, ‘The Korea-Khitan War’, ‘Snap And Spark’ සහ ‘True To Love’ ඇතුළු කැපී පෙනෙන කොරියානු නාට්‍ය කිහිපයකට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

“රංගනයට ආදරය කරන සහ සෑම විටම ඔහුගේ උපරිමය කළ සුන්දර නළුවෙක්, පාර්ක් මින්-ජේ ස්වර්ගයට ගොස් ඇත,” Min-jaeගේ නියෝජිතායතනය වන Big Title නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 4 වැනිදා සිදුකිරීමට නියමිතත අතර මේ වන විට ඔහුගේ දේහය භූමදානය කරන ස්ථානය තහවුරු කර නැහැ.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අධිකරණයට

අත්අඩංගුවට ගෙන මේ වන විට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) අධිකරණයට රැගෙන විත් තිබෙනවා. මන්ත්‍රීවරයාව මෙලෙස ඉදිරිපත් කර...

බිත්තරෙන් ලබන ආදායමට වැට් බද්දක්

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි...

අගමැතිනිය ප්‍රංශයට 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) දිනයේ නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.  (01) දිනයේ UNESCO මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි...

POPULAR ARTICLES

ලක්ෂ 3ක් මිය යා හැකි දරුණු භූකම්පනයක් ගැන ජපානය අනතුරු අඟවයි

ජපානයට ඉදිරියේදී ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ හැකියාවක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජපාන රජය නියෝජනය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින්...