24 C
Colombo
Monday, November 25, 2024

දකුණු කොරියාවේ E8 වීසා ගැටලුව

- Advertisement -

දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය ඉකුත් රජයන් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතික අයුරින් පවත්වාගෙන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා අද (24) අනාවරණ කළා.

ඒ අදාළ වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යෑමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට ප්‍රතිචාර දක්වමින්.

E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් දින කිහිපයක සිට විවිධ අවස්ථාවන්වලදී බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී විරෝධතාවල නිරතවුණේ තමන්ට රැකියා සඳහා යෑමට ඇති අවස්ථාව බලධාරීන්ගේ නොසැළකිල්ල මත අහිමි වන බවට චෝදනා කරමින්.

එම විරෝධතාවන්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් ඊයේ (23) පෙරවරුවේ එම ස්ථානයට පැමිණ යළිත් විරෝධතාවක නිරත වුණ.

පසුව පිරිස එහි තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට සූදානම් වුවද, පොලීසියෙන් ඊට බාධා එල්ල වුවද විරෝධකරුවන් එහි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ මෙම E8 වීසා කාණ්ඩය පැවති රජයන් විසින් කොරියානු රජයේ පූර්ණ මැදිහත්වීමක් හෝ නොමැතිව විධිමත් ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික විදේශ රැකියා ආයතන හරහා ලබාගත් අවිධිමත් වීසා ඛාණ්ඩයක් බවයි.

මෙම වීසා සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ අනුමැතිය ලබාදීමට අවශ්‍ය මූලික සුදුසුකම් වන රැකියා ගිවිසුමක් හෝ නොමැති බවත්, දේශපාලනික අරමුණූ වෙනුවෙන් රැකියා අපේක්ෂකයින්ගෙන් මුදල් ලබාගෙන සිදුකර ඇති අනීතික ක්‍රමවේදයක් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේවෙතත්, සත්‍යග්‍රහයේ නිරත පිරිස් පවසන්නේ තම ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තෙක් මෙම ක්‍රියාමාර්ගය අවසන් නොකරන බවයි.

RECENT ARTICLES - SINHALA

මාලිමාවේ ප්‍රබලයෝ එකතු වුණ සුපිරි පාර්ටිය

ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ ඊයේ (23) රාත්‍රීයේ පැවති සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය නැරඔීම සඳහා ශ්‍රී ලංකාවේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක්...

මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව...

රුහුණු විශ්වවිද්‍යාලයට උපකුලපති වෙනුවට නිසි බලධරයෙක්

රුහුණු විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත්...

POPULAR ARTICLES