දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ නමුත් ඔහුගේ තත්වය යහපත් බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
ජනාධිපති යුන් සුක් යෝල් පසුගිය 3 වැනිදා දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමට ගත් තීරණයේ සම්පූර්ණ වගකීම බාර ගනිමින් හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් ජොන් හියුන් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.
කිම් ජොන් හියුන් ඊයේ (10) රාත්‍රියේදී රැඳවුම් කුටිය තුළදී සියදිවි හානි කර ගැනීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී රැකවලුන් එය දැක ඔහු බේරාගෙන ඇති බවද දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමුදා නීතිය පැනවීමට අදාළව පැවැති විමර්ශනවලදී කිම් ජොන් හියුන් පසුගිය 8 වැනිදා රැඳවුම් බාරයට ගත් අතර අනතුරුව දේශද්‍රෝහී චෝදනා මත ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවා.
ජනාධිපති යුන් සුක් යෝල්ගේ කාර්යාලය සෝදිසි කිරීමට දකුණු කොරියානු පොලිසිය උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවද පැවැසෙනවා.
දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව දේශ ද්‍රෝහි චෝදනා යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.