25.2 C
Colombo
Sunday, November 24, 2024

ණය නොගෙවීම නිසා ශ්‍රී ලංකාව තවදුරටත් පහතට

- Advertisement -

ශ්‍රී ලංකාව ණය සහ පොලි ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන S&P Global විසින් ශ්‍රී ලංකා බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘D’ දක්වා පහත හෙළා තිබෙනවා.

මෙම වසර මුලදී බැඳුම්කර ගෙවීම පැහැර හරින ලද සහ පුද්ගලික ණය හිමියන් සමඟ ඩොලර් බිලියන 12 ක විදේශ ණය ඇති දකුණු ආසියානු රට වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටිනවා.

මීට පෙර මහබැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිටින සමයේදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කිහිපයකින්ද ශ්‍රී ලංකාව පහත හෙළා තිබුණා.

මීට අමතරව වාසුදේව නානායක්කාර මහතා පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ 2009 – 2018 කාලයේදී මෙරටින් ඩොලර් බිලියන 45 ක් අයථා ලෙස මෙරටින් පිටව ගොස් ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සමස්ත ණය ප්‍රමාණයම වන්නේ ඩොලර් බිලියන 52 ක් පමණක් බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES