ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන්ද වහාම ඉවත්විය යුතු බවට පක්ෂ නායකයන් තීන්දු කළ බව රවුෆ් හකීම් පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් තබමින්.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් zoom ඔස්සේ අද පැවති පක්ෂ නායක හමුවේදී පක්ෂ නායකයින් පවසා ඇත්තේ ඔවුන් ඉවත් වී, ව්‍යස්ථාවට අනුව කථානායකවරයාට තාවකාලිකව ජනාධිපති බලතල පැවරිය යුතු බවටයි
පක්ෂ නායකයන්ගේ තීන්දුවට තමන් එකඟ වන බවයි ගෝඨාභය මීට පෙර නිවේදනය කර තිබුණා.