24.7 C
Colombo
Monday, November 25, 2024

දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය

- Advertisement -

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔුහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළා.

ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා මේ බව පවසා සිටියා.

“ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය ඉතාමත් පැහැදිලියි. එහෙම දෙයක් අද රට තුළ බලාපොරොත්තු වෙන්නේ නෑ ජනතාව. ඒ ජනතාව උතුර, බටහිර හරි නැගෙනහිර හරි වෙන්න පුළුවන්, සෑම ජනතාවක්ම බලාපොරොත්තු වෙන්නේ සමගියෙන් රට දියුණු කරන්න මැදිහත් වෙනවා කියලා. ඒක තනි පුද්ගලයෙක් කරපු දෙයක් විදියට තමා අපි දන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔහු සමග කතා කරලා ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල අපි පරීක්ෂා කළා. ඔහු සමග කතා කරන්නත් පුළුවන් අපි බුද්ධිමත්ව කටයුතු කරලා ඉදිරියේ දී මේ ගැන පැහැදිලි කරගමු.”

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ දරුවන්ට බාධා වෙන ක්‍රියාකාරකම් එපා – විභාග කොමසාරිස්

උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද...

නිවාස භාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදෙස් ගතවෙලා?

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තා වන බව 'ලංකාදීප' සදහන් කර තිබෙනවා. මේ හේතුවෙන් නිවාස...

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක්...

POPULAR ARTICLES