පසුගිය 22 වනදා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණී කවිරත්න මහත්මිය ඇතුළුව තවත් කාන්තාවන්ට සිදුකළ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කතානායකවරයා සිය විරෝධය පලකර තිබෙනවා.
ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාට දැඩි අවවාද සිදුකරන බව කතානායකවරයා නිවේදනය කරනවා.
එම නිවේදනය පහතින්,
2021 නොවැම්බර් 20 දින අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ සහ පාර්ලිමේන්තුවෙන් පිටස්තර කාන්තාවකගේ නම් සඳහන් කරමින් මෙම උත්තරීතර සභාවට අගෞරවයක් වන අයුරින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් සිදු කරන ලද කථාව සම්බන්ධයෙන් ද, ඊයේ දින එනම් නොවැම්බර් 22 දින උදෑසන පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදය විසින් මා හමුවීමෙන් අනතුරුව ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ඒ සිද්ධිය පිළිබඳව සභා ගර්භයේදී මතු කරන ලද වරප්‍රසාද ප්රශ්නය ගැඹුරින් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් මෙම ගරු සභාවේ විශේෂ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
ගරු තිසකුට්ටි ආරච්චි මහතා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභා ගර්භයේදී කරන ලද එම අශෝභන කථාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතරම මෙවැනි අයෝග්‍ය අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාස කරමින් කරනු ලබන කථාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිසකුට්ටි ආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.
තවද, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරයන් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන්නේ නම්, ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වාගෙන යාම සදහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මට සිදු වන බව ද මෙයින් අවධාරණය කරමි.