වසර අවසාන සාදා සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයෙන් පසු වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දිවයින පුරා සීඝ්රයෙන් පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා මෙම සාදා කෙරෙහි එලෙස විශේෂ අවධානය යොමු කර ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
වසර අවසාන සාදවලදී මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සහ එවැනි සාදා සංවිධානය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ වෙත මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා.
එවැනි මත් සාද පැවැත්වෙන ස්ථාන කිහිපයක් සම්බන්ධව පොලිසියේ විශේෂ අවධානයක් යොමුව ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.