26.9 C
Colombo
Wednesday, November 27, 2024

සුළි කුණාටුව ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පෙරවරු 05.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 130 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර අද දින ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත් වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ උතුරු, උතුරු – මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වලත් විටින් විට වැසි සහ ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මේ අතර අද (27) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට වෙන අතර එය සටහන් වූයේ මි:මී:253ක් ලෙසයි.

තුනුක්කායි ප්‍රදේශයට මි:මී:250.5,ක වර්ෂාපතනය ඇදහැලුණු අතර අච්චුවේලි ප්‍රදේශයට මි:මී:245.3ක වර්ෂාපතනයක් ඇදහැලුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...

විජේදාස CID එයි

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල...

POPULAR ARTICLES