27.6 C
Colombo
Sunday, April 13, 2025

මීගමුව රෝහලේ සිදුවීම ගැන හොයන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

- Advertisement -

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් වී නොමැති බවද පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කර තිබෙනවා.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සඳහන්ව ඇත්තේ මෙම සිදුවීමට අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවට තහවුරු වී ඇති බවයි.

ඒ ඔහු සිය සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඔහුව නෙරපා හැරිය බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවත් රජයේ රෝහලක් තුළ සිදුව ඇති මෙම බරපතළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එම සංගමය පවසනවා.

ඒ අනුව, අදාළ විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය උපරිම සහාය ලබා දෙන බවත් සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවට සිය සංගමය විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් වඩා ශක්තිමක් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබා දීමටද සිය සංගමය සූදානම් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...