28 C
Colombo
Friday, October 18, 2024

ආදායම් බදු ගෙවීම ගැන විශේෂ දැනුම්දීමක්

- Advertisement -

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන මාර්ගගන ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024.11.30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව, 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම ව්ව්ව්.ඉර්ඩ්.ගොව්.ල්ක් යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකියාව තිබෙනවා.

මේ අතර එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් 2023 වසරේදී හඳුන්වා දෙනු ලැබූ ඨෛණ් අංකය යටතේ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව 868,009ක් දක්වා ඉහළ ගිය බවයි.

මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර එනම් 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබී ඇත්තේ 333,313ක පුද්ගල සංඛ්‍යාවක් බවද එහි දැක්වෙනවා.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000 කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000 කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කොට බදු ගෙවිය යුතු වනවා.

එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් 1,200,000 ට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු නැති අතර, දැනටමින් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හැරීමට හැකියාව පවතිනවා.

තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගතන ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

යම් පුද්ගලයකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් එවීමට අපහසුතාවයක් වේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වෙනස්විම් කළමනාකරණ අංශය, මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේ දී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමේ පහසුකම සලසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

මින්නේරිය ඛේදවාචකය ගැන පරික්ෂණයක්

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන්...

සමහර ජ්‍යෙෂ්ඨයෝ ගිය එක අපිට ජයග්‍රහණයක් – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එම පක්ෂයෙන් ඉවත්වීම පක්ෂය ලැබූ දේශපාලන ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා...

HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...