27.2 C
Colombo
Saturday, April 12, 2025

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මඟ පෙන්වීම පරිදි ලබන 09 වනදා සිට 21 වන දින දක්වා මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්ම සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

ඒ අනුව අවුරුදු කාලසීමාව තුළ මහනුවර, පුත්තලම, හයිලෙවල්/ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 05 කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව මගින් දුරගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ලබනවා.

ස්ථීර කාලසටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට සැළැසුම් කර තිබෙනවා.

එමෙන්ම, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ද කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා මගී සේවා සැපයීමට අතිරේක බස් රථ 350ක් යෙදවීමට ද කටයුතු සැළසුම් කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා යාමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස් නැවතුම්පොළවලට මගීන් ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් පැමි‍ණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES