28 C
Colombo
Saturday, September 14, 2024

රාජ්‍ය බැංකුවකින් ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

මහජන බැංකුව විසින් විශේෂ එම බැංකුවේ ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මහජන බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ව්‍යාජ දැන්වීම් මඟින් මහජන බැංකු ගිණුම් හිමියන්ගේ පෞද්ගලික ගිණුම් තොරතුරු රැස් කිරීමේ සංවිධානාත්මක ප්‍රයන්නයන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

මහජන බැංකුව දැනුම්දෙන්නේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා “Central Loan” නම් ආයතනයක් සමඟ සම්බන්ධව මහජන බැංකුව විසින් සහනදායී පොලී මත ණය ලබා දෙන බව පවසමින්, ගිණුම් හිමියන්ගේ පෞද්ගලික බැංකු තොරතුරු සහ වෙනත් සංවේදී තොරතුරු විවිධ දුරකථන සහ WhatsApp අංක වලට ලබා ගැනීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කර ඇති බවයි.

“Central Loan නම් ආයතනය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඒ ආකාරයේ වෙනත් කිසිදු තෙවන පාර්ශවයක් හරහා ණය මුදල් ලබා දීමට කටයුතු නොකරන බව මහජන බැංකුව සඳහන් කර තිබෙනවා.

එබැවින් මෙවැනි වංචාකාරී පාර්ශව සමඟ ඔබගේ ගිණුම් අංක, බැංකු කාඩ්පත් අංක, PIN අංක, OTP අංක ආදී තොරතුරු හෝ Online ගනුදෙනුවලට අදාළ තොරතුරු හෝ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ඔවුන් සියලූම ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවාවක්

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දින වලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක...

උද්දික ප්‍රේමරත්න නාටකයේ ඒ.එස්.පී ට ඇප

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර...

ඡන්දෙට නිවාඩු නොදෙන ආයතන ලොක්කන්ට දඩයක් වැඩ වරදින ලකුණු

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරනවා. යම් සේවා යෝජකයකු මේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (10) පැවැති...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...