28.2 C
Colombo
Sunday, March 30, 2025

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

- Advertisement -

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

මේ අතර ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ද ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී තිබෙනවා.

දුරකථන අංක – 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 24ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී ඇති බවයි.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යෑම ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා.

ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 27,000ක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 6ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

කතරගම ගෙදරට අනුරගෙන් රතුඑළියක්

කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ බෙලිඅත්තේ ප්‍රෙද්ශයේ ෙ පැවති ජන රැළියක්...

POPULAR ARTICLES

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...