විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන් හා කරවල කිලෝග්‍රෑමයක් මත පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 100 ක්.
එම ගැසට් පත්‍රයට අනුව උළු හාල් කිලෝග්‍රෑමයක් මත පැනවෙන බද්ද රුපියල් 50 ක්.
කුරක්කන් කිලෝග්‍රෑමයක් මත රුපියල් 150 ක බද්දක් පනවා ඇති අතර අබ ඇට මත පනවා ඇති බද්ද රුපියල් 62 ක්.