26 C
Colombo
Friday, October 25, 2024

ජාත්‍යන්තර පාසල් නියාමනයට විශේෂ ඒකකයක්

- Advertisement -

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් සම්බන්ධව මෙන්ම පාසල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබාදෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සදහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බවද අනාවරණය වුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

දිලිත්ගේ අපේක්ෂකෙගේ පාටියේ කෑම පොලීසියෙන් උස්සලා

සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන්...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...