28 C
Colombo
Sunday, September 15, 2024

ලංකාව හා ඔස්ට්‍රියාව බදු ගිවිසුමකට අත්සන් කරලා

- Advertisement -

ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර වන සම්මුතිය අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර ආදායම් මත සහ ප්‍රාග්ධනය මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය කෙටුම්පත් කර, දෙරට බදු අධිකාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිලධාරි මට්ටමින් අත්සන් කර තිබෙන බව පැවසෙනවා.

එම සම්මුතියට අනුව ශ්‍රී ලංකාව මෑතකදී එළඹෙන ලද ද්විත්ව බදු වැළැක්වීමේ සම්මුතිවලට අනුකූලව, පොලී සහ රාජ්‍ය භාග සඳහා දළ මුදල් ප්‍රමාණයෙන් 10% නොවැඩි අනුප්‍රමාණයකින් බදු අය කරනු ලැබ තිබෙනවා.

එම සම්මුතිය සඳහා රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමටත්, අත්සන් කරනු ලබන සම්මුතිය සහ සන්ධාන පත්‍රය 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි පාර්ලිමේන්තුව ‌වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ...

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...