ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කළොත් ශ්‍රී ලංකාවට ලෝකයට ණය දෙන රටක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
රටක් ණය ගත් විට ඒ ගත් ණය මුදල් හසුරුවන ක්‍රම සහ එම ණය ගෙවන ක්‍රමය නිසියාකරව හැසිරවීමෙන් ලංකාවට ලෝකයේ බල සම්පන්න රටක් බවට පත්වීමට හැකියාව ලැබෙන බව සඳහන් කළා.
රටේ සංවර්ධනය සඳහා රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනයාමට ත්‍රස්තවාදය මර්දනය කළ යුතු බවත් ඒ සඳහා ත්‍රස්තවිරෝධී පනත ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් බව ද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඇතැම් දේශපාලන කණ්ඩායම් ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරන බවද ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා මෙවැනි පනත් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙන බව ද අබේවර්ධන මහතා කියා සිටියා.