ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකුට කොවිඩ් වයිරසය වැළැඳී ඇතැයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වාර්තා වූ රෝගියාගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇන්ටිජන් පරීක්ෂාවක් කළේ යැයි ද එම වාර්තා අනුව ඔවුන්ට කොවිඩ් වැළඳී නැති බව පෙන්නුම් කළේ යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව අදාළ පිරිසට වැඩිදුරටත් පී.සී.ආර් පරීක්ෂණයක් කළේ යැයි ද එහි සඳහන් වේ.
තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්‍යවශ්‍යම සේවක පිරිස යොදාගෙන සිය සාමාන්‍ය රාජකාරි කර්නනේ යැයි ද සෙසු සේවක පිරිස නිවෙසේ සිට සේවා සපයන්නේ යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.